Friday, March 29, 2024

General line - 0115112241

ලියුම් 05කට පිළිතුරු නෑලු..! ඇමති අර්ජුනගෙන් ඇමති දයාසිරිට චෝදනාවක්




ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් සහ ක්‍රීඩා පරිපාලනය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු සඳහන්කරමින්, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර වෙත යවා ඇති එකදු ලිපියකටවත් මෙතෙක් ක්‍රීඩා අමාත්‍යවරයා පිළිතුරු ලබා දී නැතැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා. ඒ ඊයේ එම අමාත්‍යංශයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

“මම ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් පවතින ගැටළු පෙන්වා දෙමින් ඊට අමාත්‍යවරයාගේ අවධානය යොමු කිරීම සඳහා ලියුම් හතරක් පහක්ම යවා තිබෙනවා. නමුත් ඒ එකදු ලිපියකටවත් මේවනතෙක් පිළිතුරක් නැහැ. මම ඒ හැම ලිපියකම පිටපතක්ම ජනාධිපතිවරයාටත් යොමු කරලයි තියෙන්නෙ. කැබිනට් ඇමතිවරයෙක් විදියට මට ඍජුවම ජනාධිපතිතුමාට මේ ගැන කියන්න බැරිකමක් නැහැ. නමුත් එහෙම නොකර අමාත්‍යවරයාටම ඒ බව දන්වා තිබියදී ඒවාට පිළිතුරු නොදීම ගැටළුවක්.“ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසුවා.