Friday, April 19, 2024

General line - 0115112241

නෙත් සහ සෞඛ්‍ය අමාත්‍යංශය විකුණමින් සල්ලි එකතුකළ ජෝඩුවක් දැලේ…




නේත් එෆ්.එම් රේඩියෝවේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ නම් සඳහන් කරමින් වංචනික ක්‍රියාවක නිරතවූ තරුණයකු හා තරුණියක සීදූව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සීදූව ප්‍රදේශයේ නෙත් ශ්‍රාවකයකු ලබාදුන් තොරතුරක් අනුව, මීගමුව සහකාර පොලිස් අධිකාරී රෝහණ ගමගේට දැනුම්දීමෙන් අනතුරුව සීදුව පොලිසිය විසින් මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෙන්ගෙට ගොසින්, නේත් එෆ්.එම් රේඩියෝව සහ සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව රුපියල් 15000ක් වටිනා වතුර පෙරණ යන්ත්‍ර රුපියල් 3000කට ලබාදෙන බවත්, එය ලබාදීම සඳහා ලයිස්තුවට ඇතුළත් කිරීමට රුපියල් 1000ක් අයකරනා බව පවසමින් මුදල්  එකතු කරමින් සිටියදීය.

සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රමද මේ සම්බන්ධයෙන් අමාත්‍යංශය පාර්ශවයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගන්නා බව පැවසුවා.