Friday, March 29, 2024

General line - 0115112241

අණ නොතකා ගියොත් වෙඩි කන්න වෙනවා – උතුරෙද දකුණෙද වැඩක් නැහැ නීතිය සමාන වියයුතුයි




රටේ සෑම ප‍්‍රදේශයකම නීතිය එක හා සමානව ක‍්‍රියාත්මක විය යුතු බව ජාතික හෙළ උරුමය පවසනවා. එහි ජාතික සංවිධායක, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ අද (22) පැවති මාධ්‍ය හමුවක දී මේ බව කියා සිටියේ යාපනය සරසවියේ සිසුන් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

“අදාල දිනයේ යාපනය ප්‍රදේශයේ අපරාධ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිල තියෙනව. මේ සරසවි සිසුන් දෙදෙනා සාදයකට සහභාගී වෙලා යද්දි පොලිසිය නවත්වන්න කියල කියද්දි අණ නොතකා ගිහින්. අණ නොතකා ගියාම මේ ඉරණමට මුහුණ  දෙන්න වෙනව. මේක අලුත් දෙයක් නෙවෙයි. දකුණෙත් මෙහෙම දේවල් වෙලා තියෙනව. උතුරෙද දකුණෙද කියල නෑ නීතිය සමානව ක්‍රියාත්මක විය යුතුයි. අඩුවෙනුත් බැහැ. වැඩියෙනුත් බැහැ.“

මන්නාරම සිලාවතුර ප‍්‍රදේශයේ දී නාවික හමුදා සෙබළුන් තිදෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද මෙහි දී අදහස් පල වුණා.