Friday, April 19, 2024

General line - 0115112241

විරෝධතා හෝ තර්ජනවලට බියේ ජාතික සංවර්ධනය නතර කරන්නේ නැහැ




විරෝධතා හෝ තර්ජනවලට යට වී ජාතික සංවර්ධනය සඳහා ගෙන යන වැඩපිළිවෙල නතර නොකරන බව මහනගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. පෝර්ට් සිටි ව්‍යාපෘතියට එරෙහිව හලාවත ප‍්‍රදේශයේ ධීවරයින් ආරම්භ කර ඇති විරෝධතාව සම්බන්ධයෙන් අද කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මේ අතර පෝර්ට් සිටි ව්‍යාපෘතියට එරෙහිව මීගමුවේ ධීවරයින් ආරම්භ කර ඇති සත්‍යග‍්‍රහයට සහය පළ කරමින් හලාවත සහ වෙන්නප්පුව මුහුදු තීරයේ ධීවරයින් අද ධීවර කටයුතුවලින් ඉවත් වී විරෝධතාවක නිරත වුණා.