Friday, April 26, 2024

General line - 0115112241

බංග්ලාදේශය සහ එන්ගලන්ත තරගයේ තෙවන දිනය අවසන්…




බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තුන්වන දිනය නිමා වනවිට සංචාරක එංගලන්ත කණ්ඩායම සිය දෙවන ඉණිම වෙනුවෙන් කඩුලූ අටක් දැවී ලකුණු 228 ක් රැස්කර සිටියා.

දිනය නිමා වනවිට නොදැවී කඩුල්ලේ රැඳී සිටි ක‍්‍රිස් වෝර්කස් ලකුණු 11 ක් ලබා සිටි අතර ස්ටුවට් බ්‍රෝඞ් ලකුණු 10 ක් රැස්කර සිටියා. බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉණිම වෙනුවෙන් ලකුණු 248 ක් රැස් කළ අතර එංගලන්ත පළමු ඉණිම වෙනුවෙන් ලකුණු 293 ක් රැස් කළා. ඒ අනුව කඩුලූ දෙකක් අතැතිව එංගලන්ත කණ්ඩායම බංග්ලාදේශ පළමු ඉණිමට වඩා ලකුණු 273 ක් ඉදිරියෙන් සිටිනවා. තරගය පැවැත්වෙන්නේ චිතගොන්හිදීයි.