Thursday, April 18, 2024

General line - 0115112241

පුංචි ඡන්දය වෙනුවෙන් ගොනුකළ පෙත්සමක් 28දා විභාගයට




පළාත් පාලන ආයතන 18ක් සඳහා නියෝජිතයින් පත්කර ගැනීම සඳහා වන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (08) කල් දමනු ලැබුවා.

අදාළ පෙත්සම ගොනුකර තිබුණේ නිල කාලය අවසන් වී ඇති පළාත් පාලන ආයතන කිහිපයක හිටපු සභාපතිවරුන් විසින්. ඒ අනුව පෙත්සම ජුලි මස 28 වෙනිදා විභාගයට ගැනීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ.

පුද්ගලික හේතුවක් මත මෙම පෙත්සම විභාග කිරීම සඳහා තමන් විනිසුරු අසුනේ අසුන් නොගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත ජයවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව විනිසුරු ප‍්‍රියන්ත ජයවර්ධන මහතා නොමැති විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම විභාගයට ගැනෙනු ඇති.