Saturday, April 20, 2024

General line - 0115112241

ඩොනල්ඩ් ට්‍රම්ප් දින 100 යේ සැළැස්ම අතට ගනී (VIDEO)




රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් අමෙරිකානු ජනතාවට දින 100 ක සැළැස්මක් ඉදිරිපත් කර තිබෙනවා.

තමා ඇමරිකාවේ ජනාධිපති ධුරයට පත් වුවහොත් ප්‍රථම දින 100 තුළ සිදුකිරීමට බලාපොරොත්තුවන කාර්යයන් පිළිබඳව ඉන් පෙන්වා දෙනවා.

ජනාධිපතිවරණයට දින 17 ක් තිබියදී පැවැත්වූ සිය කථාවේදී ඩොනල්ඞ් ට්‍රම්ප් කියා සිටියේ ඇමරිකානුවන්ට ජීවිත කාලය තුළ එක් වරක් පමණක් අත්දැකිය හැකි වෙනසක් සඳහා තමන් පෙනී සිටින බවයි.

70 හැවිරිදි ඩොනල්ඞ් ට්‍රම්ප් සාමාන්‍යයෙන් සටහනක් නොමැතිව ජනතාව ඇමතුවද තම දින 100 සැලැස්ම සඳහා සකස් කළ සටහන් රැගෙන විත් තිබීම විශේෂත්වයක් බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ඉදිරි දශකය තුළ ඇමරිකානුවන්ට රැකියා මිලියන 25 ක් නිර්මාණය කරන බව පැවසූ ඩොනල්ඞ් ට්‍රම්ප් නීතිවිරෝධි සංක්‍රමණය මැඩපැවැත්වීමට කටයුතු කරන බව අවධාරණය කළා.