Thursday, April 18, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට දකුණු ආසියානු පිහිනුම් අනුශූරතාව




රන් පදක්කම් 28 ක් දිනා ගනිමින් කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැති දකුණු ආසියානු ජල ක්‍රීඩා තරගාවලියේ සමස්ත අනු ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

රිදී පදක්කම් 66 ක් සහ ලෝකඩ පදක්කම් 95 ක්ද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර දිනා ගත්තා.ඒ අනුව ශ්‍රී ලංකාව දිනා ගත් මුළු පදක්කම් සංඛ්‍යාව 189 ක්.

රන් පදක්කම් 121 ක්, රිදී පදක්කම් 77 ක් සහ ලෝකඩ පදක්කම් 18 ක් දිනාගත් ඉන්දියාව තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගත්තා.රන් පදක්කම් 2 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 5 ක් දිනාගත් බංග්ලාදේශය තෙවැනි ස්ථානයට දිනා ගත්තා.

බාලක – වයස 18 න් පහළ මීටර් 50 නිදහස් ආර ඉසව්වේ රන් පදක්කම දිනාගනිමින් සිය පදක්කම් සංඛ්‍යාව 7 ක් දක්වා වර්ධනය කරගැනීමට කයිල් අබේසිංහ සමත් වුණා.

ඔහුගේ සොහොයුරු මැතිව් අබේසිංහ සිය පදක්කම් සංඛ්‍යාව 6 ක් දක්වා වර්ධනය කරගත්තේ බාලක – වයස 18 න් ඉහළ මීටර් 50 නිදහස් ආර ඉසව්වේ රන් පදක්කම දිනාගනිමින්.

කයිල් කේවල ඉසව් 4 කදී සහ සහාය ඉසව් 3 කදී එම රන් පදක්කම් 7 දිනාගත් අතර මැතිව් කේවල ඉසව් 5 කදී සහ එක් සහාය ඉසව්වකදී රන් පදක්කම් 6 දිනාගත්තා.

එම දක්ෂතා නිසා තරගාවලියේ වයස 18 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කිමිකෝ රහීම්ද, වයස 18 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කයිල් අබේසිංහද, වයස 18 න් ඉහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මැතිව් අබේසිංහද සම්මාන දිනාගත්තා.

medal

 

sport-www-nethnews-lk00001 sport-www-nethnews-lk00002 sport-www-nethnews-lk00003

sport-www-nethnews-lk00004

01-www-nethnews-lk00001 01-www-nethnews-lk00002 01-www-nethnews-lk00003