Thursday, January 28, 2021

General line - 0115112241

ඡායා කැබිනෙට්ටුව ගැන නොදන්න ඡායා ඇමති

8500Views



ඒකාබද්ධ විපක්ෂය විසින් පිහිටුවන ලද ඡායා කැබිනට්ටුව සම්බන්ධයෙන් තමන් විස්තර නොදන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්ෂ මහතා පවසනවා. නෙත් නිවුස් සමග විශේෂ සංවාදයකදී ඔහු ඒ බව කියා සිටියා. රාජපක්ෂ මහතා ඡායා කැබිනෙට්ටුවේ ප්‍රවාහන හා ගුවන්සේවා අමාත්‍යවරයා ලෙස නම් කර තිබෙනවා.

ඡායා කැබිනෙට්ටුව යන්න විශේෂ දෙයක් හෝ අලුත් දෙයක් නොවන බවද ඔහු පැවසුවා.

ඒකාබද්ධ විපක්ෂය විසින් පිහිටුවන ලද ඡායා කැබිනට්ටුව සම්බන්ධයෙන් නෙත් නිවුස් මීට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ ඡායා කැබිනට්ටුවේ අග‍්‍රාමාත්‍යවරයා ලෙස තමන් පත්කර ඇත්තේ තමන්ගේ අනුමැතියක් නොමැතිව බවයි. තමන් එයින් ඉවත් වීමට තීරණය කළ බවද මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියා.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here