අත්‍යවශ්‍ය ආහාර 10ක් හෝ 12ක් සඳහා උපරිම සිල්ලර මිලක් ලබන සතියේ ගැසට් කෙරෙනු ඇතැයි අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා පවසනවා. ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම ගැසට් නිවේදනය ඊයේ (08) නිකුත් කිරීමට නියමිතව තිබූ බවයි.
භාණ්ඩ මිල කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි ආණ්ඩුව ඉකුත් දා පිළිගත්තා. ව්‍යාපාරිකයින් බොහෝ ද්‍රව්‍යවල මිල වැඩිකර ඇත්තේ මෑතකදී සිදුකෙරුණු වැට් බදු සංශෝධනයට මුවා වී බවයි සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කියා සිටියේ. මෙය ව්‍යාපාරිකයින්ගේ කූඨ කි‍්‍රයාවක් බවද මිල වැඩි වී ඇති ඇතැම් ද්‍රව්‍යවලට වැට් බද්ද අදාළ නොවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. බඩුමිල අඩු කිරීම සඳහා කඩිනමින් පියවර ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ ද ඒ අනුවයි. තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර සඳහා උපරිම සිල්ලර මිලක් ගැසට් කිරීම එහි එක් පියවරක් වනවා.
අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට පවරා තිබෙන බවයි අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා වැඩිදුරටත් කියා සිටියේ. පාරිභෝගිකයින්ට ලබාදිය හැකි තවත් සහන පිළිබඳ සාකච්ඡා කිරීමට ජීවන වියදම් කමිටුව ලබන අඟහරුවාදා රැස්වන බවද ඔහු නෙත් නිවුස් වෙත පැවසුවා.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here