Friday, April 26, 2024

General line - 0115112241

උපුල් තරංග ටෙස්ට් සංචිතයට කැඳවයි




ආබාධයක් හේතුවෙන් සිම්බාබ්වේ සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් ඉවත් කළ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට උපුල් තරංග කැඳවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පවසනවා.

නායකයා ලෙස නම්කර ඇත්තේ රංගන හේරත්. මෙම ටෙස්ට් තරගාවලියට දිනේෂ් චන්දිමාල්ද ආබාධයක් හේතුවෙන් සහභාගි වන්නේ නැහැ.

උපුල් තරංග අවසන් වරට ටෙස්ට් ක්‍රිකට් තරගයක් සඳහා එක්වූයේ ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදීයි.