Thursday, March 28, 2024

General line - 0115112241

චුන්නාකම් සහ පලෙයි සිදුවීම් ගැන රජයෙන් පැහැදිලි කිරීමක්




චුන්නාකම් නගරයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ප‍්‍රහාරයක් එල්ල වීම සහ යාපනය පලෙයි ප‍්‍රදේශයේ දී බිම් බෝම්බයක් පුපුරායාමෙන් පුද්ගලයෙකු මියයාමේ සිද්ධීන් දෙක සම්බන්ධයෙන් රජය කරුණු දැක්වීමක් සිදු කර තිබෙනවා.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ චුන්නාකම් නගරයේ ඊයේ (23) සිදු වූ සුළු සිද්ධියකින් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මේ වනවිට රෝහල්ගත කර ඇති බවයි.

නගරයේ වෙළඳ සැලකින් කප්පම් ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් හය දෙනෙකු එහි හිමිකරු සමග ගැටුමක් ඇතිකර ගෙන තිබෙනවා. එය සමථයකට පත් කිරීමට නිරායුධ පොලිස් නිලධාරීන් තිදෙනෙකු මැදිහත් වී ඇති බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ. එහි දී කප්පම්කරුවන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.

එමෙන්ම යාපනය පලෙයි ප‍්‍රදේශයේ දී හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු බවට සැක කෙරෙන තරුණයෙකු බිම් බෝම්බයක් පුපුරා යාමෙන් ඊයේ මිය ගියා.

ඉන් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා. ධීවර කර්මාන්තයේ යෙදෙන මොවුන් මසුන් ඇල්ලීම සඳහා එල්.ටී.ටී.ඊය සතුව තිබූ දැනට සගවා ඇති බෝම්බ වර්ග මුහුදේ දී භාවිත කරන බවයි විමර්ශනවල දී අනාවරණය වී තිබෙන්නේ. එවැනි බෝම්බයක් ගොඩගැනීමට යාමේ දී එය මෙලෙස පුපුරා ගොස් තිබෙනවා.