Friday, April 19, 2024

General line - 0115112241

දෙපිරිසක් ගැටෙයි! මවක් මැරෙයි!




නෝර්ටන්බි‍්‍රජ් පොලිස් වසමට අයත් ලොනෑක් වතුයායේ දෙපිරිසක් අතර ඊයේ (09) රාත‍්‍රියේ ඇති වූ ගැටුමකින් දෙදරු මවක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ලොනෑක් වතුයායේම පදිංචි සෙල්ලප්පන් වල්ලිඅම්මා නමැත්තියක්. ඇගේ වයස අවුරුදු 42ක් පමණ වනවා.

මෙම කාන්තාව ගැටුම සමථ කිරීම සඳහා උත්සහ කර ඇති බවයි පොලිසියට ලැබුණු තොරතුරුවල දැක්වෙන්නේ. කිසියම් අයෙකු ගැසූ පොලූ පහරක් වැරදීමෙන් ඇගේ හිසට වැදීමෙන් මරණය සිදුව ඇතැයි සැකකෙරෙනවා. මෙම කාන්තාවගේ සැමියා සහ පුත‍්‍රයා ද තුවාල ලබා රෝහල්ගතව සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

1

4 6