Friday, March 29, 2024

General line - 0115112241

පොල්පිති පහර 100ක දඬුවමක් දුන් පල්ලියේ 4ක් දින නියමයක් නොමැතිව රිමාන්ඩ් – පුත්තලම මහේස්ත්‍රාත්වරයාගෙන් නියෝගයක්




දූෂණයට ලක් වූ බව කියන කාන්තාවකට පොල්පිති පහර සියයක් ගැසූ පුත්තලම නල්ලන්දළුව ජුම්මා මුස්ලිම් පල්ලියේ පරිපාලන සභාවේ සිව් දෙනෙකු දින නියමයකින් තොරව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, පුත්තලම මහේස්ත‍්‍රාත් බන්දුල ගුණරත්නගේ නියෝගයකට අනුවයි.

අදාළ කාන්තාව මීට දින කිහිපයකට සිය නිවසේ රැඳී සිටිය දී බලහත්කාරයෙන් පැමිණි පුද්ගලයෙකු විසින් දූෂණය කර පලාගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එම කාන්තාව පුත්තලම පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා. ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක‍්‍රියාත්මකයි.

එලෙස පොලිස් පරීක්ෂණ ක‍්‍රියාත්මක වෙමින් තිබිය දී අදාළ කාන්තාව කැඳවූ පුත්තලම නල්ලන්දළුව ජුම්මා මුස්ලිම් පල්ලියේ පරිපාලන සභාව ඇයට පොල්පිති පහර සියයක් ගැසීමට නියෝග කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අදාළ කාන්තාව සිය නීතිඥවරයා මාර්ගයෙන් පොලිසියට යළි පැමිණිල්ලක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව සිද්ධිය පිළිබඳ පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව එම කාන්තාවට පොල්පිති පහර සියයක් ගැසීමට නියෝග කළ පුත්තලම නල්ලන්දළුව ජුම්මා මුස්ලිම් පල්ලියේ පරිපාලන සභාවේ සිව් දෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.