Friday, April 19, 2024

General line - 0115112241

එක්නැලිගොඩ නඩුවේ තවත් දෙකකට ඇප




ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් කළැයි සැකපිට මාස 14 ක් රිමාන්ඩ් භාරයේ සිටි එම නඩුවේ පළමුවැනි හා තෙවැනි විත්තිකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 15 බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 30 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න අද (24) නියෝග කළා.

යුද හමුදා බුද්ධි බළකායේ ලුතිනන් කර්නල් ශම්මි අර්ජුන සහ මාණ්ඩලික සැරයන් රාජපක්ෂ මුදියන්සේලාගේ ප්‍රියන්ත කුමාර රාජපක්ෂ හෙවත් නාදන් එසේ ඇප මත මුදා හැරුණා.

නඩුව සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි තවත් සැකකරුවන් සිව්දෙනකු සැප්තැම්බර් මසදී ඇප මත මුදා හැරුණු අතර නඩුවේ 4 වැනි හා 5 වැනි විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් සලකා බැලීම නොවැම්බර් 8 වැනිදාට කල් තැබුණා.