Thursday, April 25, 2024

General line - 0115112241

ඉදිරියේදී මුදල් දෙන හැටි ජනපති පහදයි




ලබන වසරේ සිට පළාත් සභාවලට මුදල් වෙන් කිරීමේදී සංවර්ධනයේ ප‍්‍රමුඛතා හඳුනාගත් ලේඛනයක් මත එම මුදල් වැය කළ යුතු බවට වූ චක‍්‍රලේඛයක් නිකුත් කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

සංවර්ධනයේ ප‍්‍රමුඛතාවයන් හඳුනා නොගෙන එකිනෙකාගේ පෞද්ගලික අදහස් මත මුදල් වැය කිරීම හේතුවෙන් රටේ පළාත් රැසකට සංවර්ධනයේ අසාධාරණකම් සිදුව ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

පොළොන්නරුව ප‍්‍රදේශයේ අද (24) පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

රටේ කිසියම් පාසලක මේස-පුටු හිඟයක් පවතින්නේ නම් ඊට පළාත් අධ්‍යාපන බලධාරීන් හා අදාළ අංශ නිලධාරීන් සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.