Friday, March 29, 2024

General line - 0115112241

කි‍්‍රකට් කොන්ත‍්‍රාත්තුව ගැන තිලංග සහ මැතිව්ස් කරුණු දක්වයි – අර්ජුන සූදුවක් කියයි




කි‍්‍රකට් කි‍්‍රඩකයින්ගේ වාර්ෂික කොන්ත‍්‍රාත් ගෙවීමේ ක‍්‍රමවේදය සම්බන්ධයෙන් මේ වන විටත් විවිධ අදහස් පළ වනවා.

අද (24) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක් වූ හිටපු කි‍්‍රකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග සඳහන් කළේ මුදල් ඉස්සර කරගෙන කොන්ත්‍රාත් දීමට තමන් එදා සිටම විරුද්ධ වූ බවයි.

සල්ලිවලට ක්‍රීඩකයින් රටට ජයග්‍රහණ ගේන තත්ත්වයක් අද වන විට උදාවී ඇති බවයි හෙතෙම පැවසුවේ. වාර්ෂික කි‍්‍රකට් කොන්ත‍්‍රාත්තුව මේ වන විට සූදුවක් බවට පත්ව ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

(එම හඬපටය පහතින් අහන්න)

නව කි‍්‍රකට් කොන්ත‍්‍රාත්තුව සම්බන්ධයෙන් අද පැවැති මාධ්‍ය හමුවකදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල ද අදහස් දැක්වූවා. එ් කි‍්‍රකට් ආයතනයේදීයි.

එහිදී හෙතෙම පැවසුවේ ගෙවීම් වැඩි කිරීම හරහා මේ වසරේ සිට ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් ප්‍රමාණය වැඩි විය හැකි බවයි. එහි වාසිය ක්‍රීඩකයින්ට මෙන්ම රටටත් ලැබෙන බවත් සඳහන් කළා.

(එම හඬපටය පහතින් අහන්න)

මෙම මාධ්‍ය හමුවට එක් වූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්ද අදහස් පළ කළා. එහිදී ඔහු සඳහන් කළේ කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීමට ප්‍රමාද වීම පිළිබඳව ක්‍රීඩකයින් පමණක් ඉලක්ක කරගෙන චෝදනා සිදු නොකළ යුතු බවයි.

(එම හඬපටය පහතින් දැක්වෙයි)