Wednesday, April 24, 2024

General line - 0115112241

හිටපු මහ බැංකු අධිපතිගේ බෑනා අත්අඩංගුවට ගන්නැයි කෝප් කමිටුවෙන් නිර්දේශ




මහ බැංකු බැඳුම්කර සිද්ධියෙන් අයුතු ලාභයක් උපයා ගත් බවට පැවසෙන අර්ජුන් ඇලෝසියස්ට හා පර්පෙචුවල් ටෙ‍්‍රසරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගෙන අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට කෝප් කමිටුව නිර්දේශ කර තිබෙනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී කෝප් කමිටු සාමාජික නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මේ බව සඳහන් කළා.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ කෝප් කමිටු රැස්වීමක් ඊයේ (24) පැවැත්වුණා. ඊට සහභාගි වූයේ කෝප් කමිටුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය නියොා්ජනය කරන සාමාජිකයින් පිරිසක්.

කෙසේ වෙතත් ඊයේ පැවති මෙම විශේෂ රැස්වීමේදී කෝප් කමිටු සභාපති ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති ඉවත්ව ගියා. එ් විගණකාධිපතිවරයාගේ වාර්තාව වෙනස් කිරීමට මෙම කණ්ඩායම උත්සහ දැරූ බව පවසමින්.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් සහ ඔහුගේ සමාගම මහ බැංකු බැඳුම්කර සිද්ධියෙන් අයුතු ලාභයක් උපයා ගත් බවට විවිධ පාර්ශ්ව ඉකුත්දා චෝදනා එල්ල කළා.

මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් කි‍්‍රයාත්මක නොවූ බවයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් වාසුදේව නානායක්කාර ප‍්‍රකාශ කළේ.

ආණ්ඩුවට ඉල්ලා අස්වීම හැර වෙනත් විකල්පයක් දැන් ඉතිරිව නැතැයි වාසුදේව නානායක්කාර සඳහන් කළා.

මේ අතර මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් කමිටුවෙන් වාර්තා දෙකක් හෝ ඊට වැඩි ගණනක් ඉදිරිපත් වීමේ සූදානමක් ඇති බවටද ඉකුත්දා විවිධ අදහස් පළ වුණා.