Thursday, April 25, 2024

General line - 0115112241

බුදු දහමට හා භික්ෂූන් වහන්සේට එරෙහිව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට පොතක්




ශී‍්‍ර ලංකාවේ බුදු දහම සහ භික්ෂුන් වහන්සේ දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කරමින් රචිත ග‍්‍රන්ථයක් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණයේදී එළිදක්වා තිබෙනවා.

ශී‍්‍ර ලංකා වේලාවෙන් ඊයේ (24) රාති‍්‍රයේ පැවති මෙම ග‍්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිසක්ද එක්ව සිටියා.

එම ග‍්‍රන්ථය එළිදැක්වීම සිදු වුණේද බි‍්‍රතාන්‍ය දෙමළ සංසදයේ මැදිහත්වීමෙන්. ‘‘බෞද්ධ වෙහෙර විහාරස්ථාන සහ ස්මාරක දෙමළ නිජබිම තුළ නැවත ඉදිකරමින් ජාතික අසමගියේ බීජ වපුරු වනවා ’’ යන්න ග‍්‍රන්ථයේ මූලික තේමාවයි.

මේ පිළිබඳ ලන්ඩන් නෙත් නිවුස් වාර්තාකරු ජනක අලහප්පෙරුම වැඩිදුර කරුණු දැක්වූ හඬපටය පහතින් අහන්න

ග‍්‍රන්ථය එළිදැක්වීමට මැදිහත් වූ බි‍්‍රතාන්‍යයේ දෙමළ සංසදය ශී‍්‍ර ලංකාවට එරෙහිව ජාත්‍යන්තරය තුළ දැඩි ලෙස හඬ නගන පිරිසක් බවටයි සැලකෙන්නේ.