Saturday, April 20, 2024

General line - 0115112241

කිසිදා නොගිය ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමක් සිම්බාබ්වේ යයි




සිම්බාබ්වේ ටෙස්ට් තරග සංචාරය සඳහා සහභාගි වන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම අද (25) අලුයම දිවයිනෙන් පිටත්ව ගියා. ඒ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ පැවති ආගමික වතාවත්වලට සහභාගි වීමෙන් අනතුරුවයි.

මෙම කණ්ඩායමේ කිසිදු කී‍්‍රඩකයෙකු මීට පෙර සිම්බාබ්වේ තරග සංචාරයකට එක්ව නොතිබීමද විශේෂත්වයක්. 2004 වසරෙන් පසු ශී‍්‍ර ලංකා කණ්ඩායමක් සිම්බාබ්වේ තරග සංචාරයකට එක්වන පළමු අවස්ථාවද මෙයයි.

ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීම හේතුවෙන් ටෙස්ට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිලේ නායකයා ලෙස කටයුතු කරන්නේ රංගන හේරත්. නවක කී‍්‍රඩකයින්ගෙන් සැදුම් ලත් කණ්ඩායම සමග සිම්බාබ්වේ තරග සංචාරයේ අභියෝග පිළිබඳ දිවයිනෙන් පිටත්ව යාමට පෙර රංගන හේරත්ගෙන් නෙත් නිවුස් විමසා සිටියා. ඔහු අදහස් දැක්වූ හඬපටය පහතින් අහන්න

ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට ශී‍්‍ර ලංකා කණ්ඩායමට කැඳවූ උපුල් තරංගද නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.

ශී‍්‍ර ලංකා – සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරගය හරාරේ හිදි ලබන සිකුරාදා ආරම්භ වනවා.

14825556_10211073941430766_1667260822_n