Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්දීය ගිලන් රථවලට අවශ්‍ය රියදුරන් ගැන යෝජනාවක්




ඉන්දීය ගිලන් රථ සේවාවේ කාර්ය මණ්ඩලයට ඉන්දියාවේදි ලබාදුන් පාඨමාලාව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ගිලන් රථ රියදුරන්ටද ලබාදිම සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඉන්දිය ගිලන් රථ සේවාවට අවශ්‍ය රියදුරන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් ලබා ගැනිමටද යෝජනා වුණා. ඒ වෘත්තීය සමිති නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකදියි.

එහිදී අමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ ගිලන් රථ රියදුරන්ගේ නිල නාමය ගිලන් රථ නියමු ලෙස වෙනස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කරන බවයි.

එමෙන්ම සෞඛ්‍ය කාර්ය සහායක නිල නාමයද වෙනස් කිරීමටද තීරණය වී තිබෙනවා.