Friday, March 29, 2024

General line - 0115112241

චිලී ඇප මත නිදහස්




තලංගම ප්‍රදේශයේදී බස් රථ සේවකයෙකුට පහරදුන් සිදුවීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නව පරපුරේ ගායකයකු වන ‘චිලී’ හෙවත් තිලංක විදූෂ අද (25) ඇප මත මුදා හැරුණා.

ඒ අනුව ඔහුට රුපියල් 10000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරීමටයි කඩුවෙල මහේස්ත්‍රාත්වරයා නියෝගකර තිබෙන්නේ.