Thursday, April 25, 2024

General line - 0115112241

දිල්හාරගේ ප්‍රකාශයට මැතිව්ස්ගෙන් පිළිතුරු (VIDEO)




පෞද්ගලික හේතු මත තමාට කිසිදු කී‍්‍රඩකයෙකු කණ්ඩායමෙන් ඉවත් කිරීමට හෝ ඇතුලත් කර ගැනීමට අවශ්‍යතාවක් නැතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ එක්දින පිටියට සමුදුන් තුන් ඉරියව් කී‍්‍රඩක දිල්හාර ලොකුහෙට්ටිගේ එල්ල කළ චෝදනාවට ප‍්‍රතිචාර දක්වමින්.

දිල්හාර ලොකුහෙට්ටිගේ ප‍්‍රකාශ කළේ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයේ සිටින තෙක් තමන්ට ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවන බවයි.

ඇන්ජලෝ මැතිව්ස් ඊට මෙලෙස ප‍්‍රතිචාර දැක්වූවා.