Wednesday, April 24, 2024

General line - 0115112241

මියගිය රජුට අවසන් ගෞරව දක්වන නව රජු (VIDEO)




තායිලන්තයේ වසර 70 ක් රජකම් කළ ‘බූමි බෝල්’ රජුගේ දේහය තැම්පත් කර ඇති මාලිගාවට,  නව රජු ලෙස මේ වනවිට කටයුතු කරන 64 වියැති වජිරාලොන්ග්කෝර්න් කුමරු නිළ වශයෙන් පැමිණ රජුගේ දේහයට ගෞරව කිරීම සිදු කළා.

පුර්ණ රාජකීයත්වයක් ඉසිලු එම අවස්ථාව මෙරට, පාංසුකුලය .. දෙන .. පැන් වඩන .. ආකාරයේ ආගමික අවස්ථාවක් වුණා. කෝටි 07 ක ජනගහනයෙන් 94% ක් ථෙරවාදී බුදුදහම අදහන තායිලන්තයේ රජුගේ දේහය තැම්පත් කර තිබෙන්නේද රජ මාළිගාවේ බුද්ධ මන්දිරය අසන්නයෙයි.

(වීඩියෝව පහතින් බලන්න)

තායිලන්තයේ මියගිය “බූමි බෝල්” රජුට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් දින 100 ක කාලයක් දේහය බැංකොක් හි රාජකීය මාළිගාවේ තැම්පත් කර තැබීමට එරට රජය තීරණය කර තිබෙනවා. පිටතට නොපෙනෙන සේ විශේෂ පැසක දේහය තැම්පත් කර ඇතැයි ද රජය පවසනවා.

අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන්-ඕචා සඳහන් කළේ ලක්ෂ ගණනක ජනතාවගේ වන්දනීයත්වයට ලක්වන රජුට අවසන් ගෞරව දැක්වීමට මෙම කාලය ලබා දිය යුතු බවයි.

මුළු රටකම ජනතාවගේ දැඩි ගෞරවාදරයකට පත්‍ර වූ “බූමි බෝල්” රජුට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් ලක්ෂ ගණනක් ජනතාව දින කිහිපයක සිට සමූහ පෝලිම්වලට එකතු වී සිටින අයුරු දක්නට පුළුවන්. තවමත් එම දිගු පෝලිම් බැංකොක් හි වැල නොකැඩි රජුට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් පෙළ ගැසෙමින් පවතිනවා.

 

සබැඳි පුවත්

බැංකොක් නුවර ජනතාවගෙන් පිරෙයි (PHOTOS)

රජුගේ දේහය දින 100ක් මහජන ගෞරවයට

මේ දිනවල තායිලන්තයේ සංචාරක කළාපවල තත්ත්වය මෙන්න

 

39a24e5500000578-3864418-image-a-74_1477229513352 399a620200000578-3864418-image-m-88_1477229975424 399a441900000578-3864418-image-a-75_1477229559286 399a61ca00000578-3864418-image-m-87_1477229963042 39a2624000000578-3864418-image-a-72_1477229471426 39a256e600000578-3864418-image-a-73_1477229491964 399a626900000578-3864418-image-m-89_1477229988257 399ac74800000578-3864418-image-a-76_1477229579776 399ac75400000578-3864418-image-a-77_1477229585094 399998a700000578-3864418-image-a-91_1477231543154 3999985600000578-3864418-image-a-86_1477229844954