Wednesday, April 24, 2024

General line - 0115112241

සෙලාන් ‘සිරි නිවස’ තුළින් සීමිත පිරිසකට විශේෂ වාසියක්




ඔක්තෝබර් 28 වැනිදා සිට 30 වැනිදා දක්වා බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත සෙලාන් සිහින නිවහන – Art of Living-  2016 සඳහා නිල බැංකුකරු මෙන්ම ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස සෙලාන් බැංකුව සිය දායකත්වය ලබා දෙනවා.

‘Asia Exhibition and Connventions (Pvt) Ltd විසින් සංවිධානය කරනු ලබන මෙම ප‍්‍රදර්ශනයේදී වෙළෙඳකුටි 200 කට අධික ප‍්‍රමාණයක් තුළින් ගෘහ විදුලි උපකරණ, ගෘහ සැරසිලි, නිවාස සහ දේපළ, උද්‍යාන අලංකරණය, ගෘහ භාණ්ඩ, නිවාස සවිකිරීම්, අභ්‍යන්තර සැරසිලි යනාදී සේවාවන් රැසක් එකම වහලක් යටදී ලබා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට උදා වනවා.

පාරිභෝගිකයන්ගේ නිවාස සිහිනය මල්ඵල ගන්වන සෙලාන් බැංකුවේ සිරි නිවස නිවාස ණය පහසුකම්, ප‍්‍රදර්ශනය පැවැත්වෙන තෙදින තුළදී ලබා දෙන සුවිශේෂි වරප‍්‍රසාද සමග ලබා ගැනීමේ හැකියාවද පාරිභෝගිකයන් සතුයි.

පාරිභෝගික අවශ්‍යතා මැනවින් හඳුනාගත් බැංකුවක් ලෙස සෙලාන් බැංකුව, සිරි නිවස නිවාස ණය තූළින් පාරිභෝගිකයන්ට තමන්ගේම නිවසක හිමිකම ලබා ගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා.  නිවසක් ඉදිකිරීමට, ඉඩමක් මිලදී ගැනීමට, නිවස ප‍්‍රතිසංස්කරණය කිරීමට, දැනට පවතින නිවස සම්පූර්ණ කිරීමට හෝ අලුතින් කොටසක් එක් කිරීමට, නිවාස සංකීර්ණයක නිවසක් මිලදී ගැනීමට, දැනට පවතින නිවාස ණයක් පියවීමට පමණක් නොව නිවසට අවශ්‍ය ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට, නිවාස අභ්‍යන්තර අලංකරණයට, පැන්ටි‍්‍ර කබඞ්, ලයිටින්, සහ උද්‍යාන අලංකරණය, සවීකිරීම් යනාදී සියලු දේ සඳහා සෙලාන් සිරි නිවස නිවාස ණයක් ලබා ගත හැකියි.

මෙම ප‍්‍රදර්ශනය පැවැත්වෙන අතරතුරදී සීමිත දීමනාවක් ලෙස විශේෂ පොලී ප‍්‍රතිශත සමග සෙලාන් සිරි නිවස නිවාස ණය පහසුකම ලබාගත හැකියි.  වැටුපක් ලබන ස්ථාවර ආදායමක් සහිත ගනුදෙනුකරුවන්ට හෝ ස්වයං රැකියාවන්හි නියුතු වන්නන්ට මෙම නිවාස ණය ලබා ගත හැකියි. සෙලාන් සිරි නිවස නිවාස ණය විශේෂයෙන් වෘත්තීයවේදීන්, ව්‍යාපාරිකයන්, විදේශයන්හි සේවය කරන ශ‍්‍රී ලාංකිකයන් සහ බද්ධ ණය ලාභීන් (ස්වාමි පුරුෂයා හෝ බිරිඳ / දෙමව්පියන් සමග අවුරුදු 18 ට වැඩි දුව /පුතා) ටද ලබා ගත හැකියි. රුපියල් 100,000ක සිට මිලියන 50ක් දක්වා සෙලාන් සිරි නිවස නිවාස ණය ලබා ගත හැකි අතර එය ණය හිමියාගේ නැවත ගෙවීමේ හැකියාව හා දේපළහි වටිනාකම මත තීරණය වෙනවා.

මේ පිළිබඳව අදහස් දැක්වූ සෙලාන් බැංකුවේ අලෙවි හා පුද්ගලික බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ටිලාන් විජයසේකර මහතා ‘‘ 2016 වසරේ ප‍්‍රධානතම නිවාස සහ ඉදිකිරීම් ප‍්‍රදර්ශනය වන සෙලාන් සිහින නිවහන – Art of Living 2016  තෙදින ප‍්‍රදර්ශනය හා සම්බන්ධ වීමට ලැබීම පිළිබඳ මා ඉතාමත් සතුටට පත් වෙනවා. එය විශේෂයෙන් ඉදිකිරීම්, නිවාස සහ අභ්‍යන්තර අලංකරණ පිළිබඳ කර්මාන්තකරුවන් හට ඔවුන් පිළිබඳ උනන්දුවක් දක්වන  පාරිභෝගිකයන් සහ ව්‍යාපාරිකයන් හමුවීමට කදිම අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකියි. පාරිභෝගියන්ට ඔවුන්ගේ  ආදායමට ගැලපෙන නිවාස ණය පහසුකම තෝරා ගැනීමේ අවස්ථාව මෙන්ම ගනුදෙනුකරුවන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීමේ අවස්ථාව සලසාදීම හේතුවෙන් සෙලාන් සිරි නිවස නිවාස ණය ගනුදෙනුකරුවන් අතර ප‍්‍රසාදයට පත්ව තිබෙනවා. මෙම නිවාස ණය තුළින් ගනුදෙනුකරුවන්ගේ නිවාස පිළිබඳ වූ සියලූ අවශ්‍යතාවන් සපුරා ගත හැකි අතර ඒ සඳහා ප‍්‍රදර්ශනයේදී විශේෂ අවස්ථාවන් ද හිමි කරදීමට නියමිතයි.’’ යනුවෙන් පැවසුවා.

image-1-mr-tilan-wijeyesekera-deputy-general-manager-marketing-personal-banking