Thursday, April 18, 2024

General line - 0115112241

කිළිනොච්චියේ පොලිස් නිලධාරියෙකුට පිරිසක් වටවී පහරදීලා




කිළිනොච්චි පොලිසියේ නිලධාරියෙකුට මීට සුළු වේලාවකට පෙර ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

පොලිසි සැරයන්වරයෙකුට මෙලෙස පිරිසක් වට වී පහරදී ඇති බවයි වාර්තා වෙන්නේ.

කිළිනොච්චි රෝහල ඉදිරිපිටදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවත් සඳහන්.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ පොලිස් සැරයන් සමරවික්‍රම නැමැත්තෙක්. මේ වන විට ඔහුව කිළිනොච්චි රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහල ඉදිරිපිට බීමතින් හැසිරුණු පුද්ගලයෙකුව පාලනය කිරීමට යෑමේදී ඒ අසල සිටි පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වෙන්නේ.