Friday, April 19, 2024

General line - 0115112241

තරගය යළි ඇරඹෙයි (UPDATE)




ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිව්වන එක්දින ක්‍රිකට් තරඟය පන්දුවාර 42 කට සීමා කර යළි ආරම්භ කර තිබෙනවා.


 

කුසල්ගේ ඉනිමට වැස්ස හරස් වෙයි

( Jun 29, 2016 @ 18:52)

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන සිව්වන එක්දින ක්‍රිකට් තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18 යි එක් පන්දුවක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 127 ක් ලබා සිටියා.

කුසල් මෙන්ඩිස් පන්දු 59 කදී නොදැවී ලකුණු 75 යි. ධනුෂ්ක ගුණතිලක නොදැවී ලකුණු 48 ක් ලබා සිටිනවා. කුසල් ජනිත් එක් ලකුණකට දුවද්දී දැවී ගියා.


 

ශ්‍රී ලංකාව පිත්ත අතට ගනී

(Jun 29, 2016 @ 17:21)

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සිව්වන එක්දින ක්‍රිකට් තරඟය කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙනවා.

තරගයේ කාසිය වාසිය එංගලන්ත කණ්ඩායම දිනා ගත් අතර ඔවුන් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා.

(අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින් දැක්වෙයි.)

al