Wednesday, April 24, 2024

General line - 0115112241

සාමසර කන්ද පෙනිපෙනී තවත් විපතක්..! (PHOTOS)




මහනුවර යුගයට අයත් අරණායක සාමසර කන්ද පෙන මානයේ ඇති රජමහා විහාරයේ අවුරුදු හත්සියකට වඩා වැඩි ඉපැරණි බෝධින් වහන්සේ අද (26) අලූයම බිම ඇද වැටි ඇත.

මෙම බෝධින් වහන්සේ පිහිටා ඇත්තේ අරණායක කලාපයට අයත් මෝරාගම්මන ශ‍්‍රී මයුරපාද රජමහ විහාරස්ථානයේය. පූජාවලිය ලියු බුද්ධ පුත‍්‍ර නාහිමියන් වැඩ විසූ බව කියැවෙන මෙහි මැද මිදුලක්ද සහිතව ඉදිරිපස ටැම් 10 ක් මත ඉදිකර ඇති විහාරයකි. අලූයම 2.00 ට පමණ බෝධින් වහන්සේ කඩා වැටි අතර මෙ වන විට විහාරස්ථානය අසල නිවාසයකටද හානි සිදු වි පාසල් දැරියක් නිදා සිටි කාමරයකට හානි සිදු වි ඇති අතර දැරියට කිසිදු තුවාලයක්වත් සිදු නොවි බෙරි ඇත.

samasara-forum-www-nethnews-lk00001  samasara-forum-www-nethnews-lk00003  samasara-forum-www-nethnews-lk00005  samasara-forum-www-nethnews-lk00007 samasara-forum-www-nethnews-lk00008 samasara-forum-www-nethnews-lk00009 samasara-forum-www-nethnews-lk00010