Tuesday, April 23, 2024

General line - 0115112241

වැට් බදු පනත වැඩි ඡන්දයෙන් සම්මතයි




වැට්බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී මීට නොබෝ වේලාවකට පෙර වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

තෙවන වර කියවීමේදි කෙටුම්පතට පක්‍ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 76 ක්. විපක්‍ෂය ඡන්ද 23 ක් ප‍්‍රකාශ වුණා. ඒ අනුව 3 වන වර කියවීම සම්මත වුණේ වැඩි ඡන්ද 53 කින්.

එක්සත් ජාතික පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුව නියෝජනය කරන මන්තී‍්‍රවරුන් පක්‍ෂව ඡන්දය ලබාදුන්නා.

විපක්‍ෂව ඡන්දය ලබාදුන්නේ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් සහ ජනතා විමුක්ති පෙරමුණයි. දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍රවරුන් ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේ සභාවේ සිටියේ නැහැ.

මේ අතර දෙවනවර කියවීමේදී ඊට පක්‍ෂව ඡන්ද 112 ක් ලැබුණු අතර විපක්‍ෂව ලැබුණේ ඡන්ද 46 ක් පමණයි. ඒ අනුව දෙවන වර කියවීම වැඩි ඡන්ද 66 කින් සම්මත වුණා.