Saturday, April 20, 2024

General line - 0115112241

ක්‍රීඩා 07 ක් වෙනුවෙන් සැණකෙළියක්




ශී‍්‍ර ලංකාවේ තෝරාගත් කී‍්‍රඩා 07 ක් ජාත්‍යන්තරය තුළ තවදුරටත් ප‍්‍රවර්ධනය කිරිම සදහා සැණකෙළියක් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

2017 වර්ෂයේ පළමු කාර්තුවේ මෙම සැණකෙළිය කොළඹ ගාලු මුවදොරදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ඊට කී‍්‍රඩා වැඩමුළුවක්, ප‍්‍රදර්ශනයක් හා දෙස් විදෙස් කී‍්‍රඩකයන් අට දහසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

එම සැණකෙළියේ සංවිවධාන කටයුතු සඳහා කී‍්‍රඩා අමාත්‍යාංශ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් මෙහෙයුම් කමිටුවක් පත් කිරීමටද අමාත්‍ය මණ්ලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.