Saturday, April 20, 2024

General line - 0115112241

ඉතාලිය යළිත් සෙලවෙයි – ගොඩනැගිලි කඩා වැටෙයි




මධ්‍යම ඉතාලියට බලපෑ ප්‍රබල භූ කම්පන දෙකකින් ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

මේ හේතුවෙන් ජනතාව බියෙන් වීදිවලට පැමිණ ඇති බවත් විදෙස් වාර්තා පැවසුවා.

ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වාදෙන පරිදි රික්ටර් පරිමාණ 5.5ක ප්‍රථම භූ කම්පනය මසිරාටා ප්‍රාන්තයේ විස්සෝ නගරය ආසන්නයේ සිදුව තිබෙනවා.

ඉන් පැය දෙකකට පසුව රික්ටර් පරිමාණ 6.1ක භුකම්පනයක් එම ප්‍රදේශයේම ඇති වී තිබෙනවා.

කෙසේ වෙතත් භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳ විදෙස් වාර්තා සඳහන් කර නැහැ.

මීට මාස දෙකකට පමණ පෙර දකුණු දිග ඉතාලියේ සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයන් 298 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

_92104576_amatriceap _92105498_036076529epa 92105590_italy160827160120-shattered-vistas-01-exlarge-169 161027113654-ap-16300773660610-exlarge-169