Thursday, April 25, 2024

General line - 0115112241

ගංගුලිගෙන් කෝලිට මල් – දෝනිට ගල්




‍‘‘ඒ නිසා තමයි විරාට් කෝලි විශිෂ්ඨ ක්‍රීඩකයෙකු වන්නේ.ඔහු හොඳින් පිතිකරණයේ යෙදෙන හැම අවස්ථාවකදීම ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරනවා.පසුගිය තරඟයේදීත් ඔහු ශතකයක් රැස් කළා.ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කළා‘‘.

ඉන්දීය හිටපු නායක සව්රව් ගංගුලි මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26) නිමාවූ ඉන්දියා නවසීලන්ත හතරවන එක්දින තරඟයෙන් පසුවයි.මෙම තරඟයෙන් ලකුණු 19ක ජයක් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

ගංගුලි මෙහිදි රෝහිත් ශර්මාගේ හා ඉන්දීය නායක මහේන්ද්‍රසිං දොනිගේ පිතිකරණය පිලිබඳව කතා කළා.

ඔහු පැවසුවේ වමත් දඟපන්දු යවන්නන් හමුවේ ඔවුන් දෙදෙනාම අසාර්ථක බවකි.

දෝනිගේ පන්දුවට පහරදීමේ වේගය පිලිබඳව ගංගුලි මෙහිදී අදහස් දක්වා තිබුණා.

එසේම දෝනිගේ පන්දුවට පහරදීමේ වේගය පිලිබඳව ඉන්දීය මාධ්‍යද විවේ‍ඡනාත්මක ස්වරූපයෙන් වාර්තා කොට තිබු අතර ඊයේ තරඟයේදී පන්දු 31ට මුහුණදුන් දෝනිට ලබාගත හැකිවූයේ ලකුණු 11ක් පමණයි.

දඟකැවෙන තණතීරු වලට වඩා පන්දුවට පහරදිය හැකි තණතිරු වල ඉන්දීය කණ්ඩායම දක්ෂතා දක්වන බවද ගංගුලි මෙහිදි පවසා සිටියා.