Friday, March 29, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාවට ලකුණු 186ක ඉලක්කයක්




සංචාරක දකුණු අප‍්‍රිකානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම අතර පළමු එක්දින කි‍්‍රකට් තරගය පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙනවා.

කාසියේ වාසිය හිමිකර ගෙන පළමුව පන්දුවට පහර දුන් දකුණු අප‍්‍රිකානු 19න් පහළ කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 03 කදී සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 185ක් පමණයි.

පන්දු යැවීමේදී ප‍්‍රවීන් ජයවික‍්‍රම ලකුණු 24කට කඩුලු 04ක් බිඳ හෙලූ අතර දමිත සිල්වා ලකුණු 46 කට කඩුලු 04ක් දවා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 04ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 17ක් රැස් කර සිටියා.