Saturday, April 20, 2024

General line - 0115112241

ආන්දෝලනයට ලක්වූ කෝප් වාර්තාව අද පාර්ලිමේන්තුවට




ආන්දෝලනාත්මක මහබැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් කෝප් කමිටුව සිදුකළ පරීක්ෂණයේ වාර්තාව අද (28)පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.

කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් එය ඉදිරිපත් කිරීමට නියමිතයි.

සියලූ සාමාජිකයින්ගේ එකඟත්වයෙන් මෙම වාර්තාව ඉදිරිපත් කෙරෙන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

මහබැංකු බැඳුම්කර දූෂිතයින්ගේ නම් සහ ඔවුන්ට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග මෙම වාර්තාවේ ඇතුළත් වන බවයි බිමල් රත්නායක මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් වෙනම ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබූ වාර්තාවේ කිසිදු යෝජනාවක් අද ඉදිරිපත් කරන වාර්තාවට ඇතුළත්ව නොමැති බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.