Friday, April 19, 2024

General line - 0115112241

නව විදුහල්පතිට අකුරම්බොඩ සිසුවෝ ගින්නෙන් සළකති – කාමරේට දා දොරත් වසා සිර කරලා (PHOTOS)




මාතලේ අකුරම්බොඩ ජාතික පාසලේදි අද උදෑසන උනුසුම්කාරී තත්වයක් ඇතිවූ බව අප වාර්තාකරු පවසනවා.

විදුහලට පත්කර ඇති නව විදුහල්පතිවරයා නිසාවෙන් මෙම තත්වය ඇතිවූ බවයි වාර්තාවන්නේ.

සරත් පුංචිහේවා නම් මෙම අලුතෙන් පත්කර ඇති විදුහල්පතිවරයා අධ්‍යාපන අමාත්‍යංශය විසින් විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව පත්කරනු ලැබුවෙකු බවයි වාර්තා වන්නේ.

මෙම විදුහල්පතිවරයා අද (28 ) දින උදැසන 7.00 පමණ තවත් කණ්ඩායමක් සමග පාසලට පැමිණ ඇති අතර,පසුව ඒ වනවිට පාසලේ සිටි නියෝජ්‍ය විදුහල්පතිවරයා බියගන්වා පාසල් නාමලේඛනයේ අස්සන් තබා තිබෙනවා.

මෙම ක්‍රියාවට විරෝධය පාමින් පාසලේ සිසුන් පන්ති වර්ජනය කර පාසල් අවට මාර්ගයේ ටයර් පුළුස්සා දමමින් විරෝධතාවයක නිරත වූ බවට අප වාර්තාකරු පැවසුවා.

සිසුන් විසින් නව විදුහල්පතිවරයා ඇතුළු කණ්ඩායම විදුහල්පති කාමරයෙන් පිටතට පැමිණීමට නොහැකිවන ලෙස අවහිර කර ඇත.

ළමා අපචාර චෝදනාවකට ලක්වූ වූ මාතලේ හිටපු ප්‍රදේශිය ලේකම්වරයෙකු මෙම ක්‍රියාවලිය මෙහෙයවන බව සිසුන්ගේ දෙමව්පියන් පවසනවා.

unnamed-4 unnamed-5 unnamed-6 unnamed-7