Friday, April 26, 2024

General line - 0115112241

බැඳුම්කර ගනුදෙනුවට අර්ජුන් මහේන්ද්‍රන් වැරදිකරු බව කෝප් කමිටුව තහවුරු කරයි – දඬුවම් ලබාදීමටත් නිර්දේශ




ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සිදුකළ විමර්ශනයේ වාර්තාව පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරුණා.

ඒ, එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින්.

වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා කියා සිිටියේ අදාළ ගනුදෙනුවෙන් සිදුවූ වංචාවට හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වගකිව යුතු බවයි.

එම නිසා ඔහුට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට කෝප් කමිටුව නිර්දේශ කරන බවයි සුනිල් හඳුන්නෙත්ති වැඩිදුරටත් කියා සිටියේ.

මෙම වාර්තාව ඉදිරිපත් කෙරුණේ කමිටු සාමාජිකයින්ගේ පූර්ණ නිර්දේශ මත බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

එහෙත් අන්තර්ගතයේ ඛෙදීමක් තිබුණු බවයි ඔහු අවධාරණය කළේ.

හඬපටය පහතින්..