Saturday, April 20, 2024

General line - 0115112241

ගෙවල් 400ක් කාර් 1260ක් සේවකයින්ට හෙට දවසේ තෑගි දෙන්න හදන ව්‍යාපාරිකයා…



නිවාස 400ක් සහ මෝටර් රථ 1,260ක් තම සේවකයින්ට තෑගි පිණිස ලබාදීමට ව්‍යාපාරිකයකු සැරසෙනවා. හෙට සමරනු ලබන දීපවාලි උත්සවය වෙනුවෙන් මෙම කටයුත්ත කරනු ලබන්නේ ඉන්දියාවේ දියමන්ති ව්‍යාපාරිකයකු වන Savji Dholakia විසින්.

තම සමාගමේ සේවය කරනු ලබන වඩාත්ම කාර්යක්ෂම සේවකයින්ට වසර කිහිපයක් තිස්සේ නිවාස සහ මෝටර් රථ තෑගි පිනිස ලබාදෙන Savji Dholakia පසුගිය වසරේ දීපවාලී සැමරුමදා මෝටර් රථ 491ක් සහ නවාස 200ක් තම සේවකයින් සඳහා පිරිනැමුවා.

6000ක පමණ සේවක පිරිසක් සේවය කරනා Hari Krishna Exports Pvt ආයතනයේ නිර්මාතෘවරයා මෙන්ම සභාපතිවරයා වන්නේ Savji Dholakiaය. ඔහු මේවනවිට 54වැනි වියේ පසුවනවා.

දීපවාලි උත්සවය වෙනුවෙන් තම ආයතනයේ සේවකයින්ට බෝනස් ලබාදීම සඳහා ඉන්දියානු රුපියල් කෝටි 51 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 113)ක් මෙවර වෙන්කර තිබෙනවා.