Thursday, April 18, 2024

General line - 0115112241

නිවසේ සිදු වූ මරණය ගැන විමල්ගෙන් ප‍්‍රකාශයක්




හෝකන්දර පිහිටි සිය නිවසේ දී තරුණයෙකු මියයාමේ සිද්ධිය පාදක කර ගනිමින් සමාජ ජාල වෙබ් අඩවි හරහා ද්වේෂ සහගත ප‍්‍රකාශයන් සිදු කරමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ පවසනවා.

මන්ත‍්‍රීවරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ලහිරු ජනිත් නමැති මියගිය තරුණයා සිය පුත‍්‍රයාගේ සමීප මිතුරෙකු බවයි.

එම මරණය සිදු වූ දිනයේ ද සිය පුත‍්‍රයා, මියගිය තරුණයා සහ තවත් මිතුරන් කිහිප දෙනෙකු සිනමාපටයක් නැරඹීමෙන් අනතුරුව නින්දට ගොස් ඇති බවත් ලහිරු ජනිත් නමැති තරුණයා අවසනාවන්ත ලෙස මියගොස් ඇති බවත් එහි වැඩිදුරටත් දැක්වෙනවා.

දේශපාලන වාසි ලබා ගැනීමට මෙවැනි අවාසනාවන්ත සිදුවීමක් පාදක කර ගැනීම පිළිබඳ තමන් කණගාටුවට පත්වන බව ද විමල් වීරවංශ නිකුත් කළ නිවේදනයේ සඳහන්.