Friday, April 19, 2024

General line - 0115112241

කපු මහතෙකුට එරෙහි අධිකරණ නියෝගයක් ඉවතට




රුහුණු මහා කතරගම දේවාලයේ කපු තනතුරක් සඳහා රංජිත් අධිකාරම් නමැත්තා පත් කිරීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) ඉවත් කළා.

2014 වර්ෂයේ දී මෙම නියෝගය නිකුත් කර තිබුණේ හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ප‍්‍රමුඛ ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්.

කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය කතරගම මහා දේවාලයේ ලේකම්වරයාට අද නියෝග කළේ රංජිත් පද්මසිරි අධිකාරම්ට සෑම වසරකම මාසයක කාලයක් එම දේවාලයේ කපු මහතෙකු ලෙස සේවය කිරීමට අවසර ලබාදෙන ලෙසයි.

අගවිනිසුරු කේ ශ‍්‍රී පවන් ප‍්‍රමුඛ විනිසුරු මඩුල්ලක් මගින් මෙම නියෝගය නිකුත් කළා.