Friday, March 29, 2024

General line - 0115112241

පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය රංගනට




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට ශ‍්‍රී ලංකා නායක රංගන හේරත් සමත් වුණා.

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි. ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කිසිවෙකු නොදැවී ලකුණු 43ක් ලබා සිටියා.

අසේල ගුණරත්න සහ ලහිරු කුමාර ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකර ගැනීම විශේෂත්වයක්.