Thursday, April 25, 2024

General line - 0115112241

පැය 16ක් කොළඹට වතුර නැහැ




කලටුවාව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුතු හේතුවෙන් හෙට (30) උදෑසන 08.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 16 ක කාලයක් කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත් හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල පවසනවා .

මෙම ජල සැපයුම අත් හිටුවීමේ හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට සිදු වන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය සිය කණගාටුව පල කරන අතර, අවශ්‍ය ජලය කල්තබා ගන්නා ලෙසද ඉල්ලා සිටිනවා.

ජල සැපයුම අත් හිටුවන ප්‍රදේශ පහතින් දැක්වේ

මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ, හෝමාගම, ගොඩගම, මීපේ, පාදුක්ක, හංවැල්ල සහ කළු අග්ගල.