Friday, April 19, 2024

General line - 0115112241

ඖෂධ හිගයකට ඉඩ නොතබන බවට ජනපතිගෙන් ප‍්‍රතිඥා




රටේ පොදු මහජනතාවගේ දීර්ඝ කාලීන හඬක් වූ ඖෂධ පනත සම්මත කර ගනිමින් රජය ගත් ප‍්‍රතිපත්තිමය තීන්දුව ඉදිරියටම ක‍්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඖෂධ ප‍්‍රතිපත්තියක් පිළිබඳ රට තුළ දීර්ඝ කාලීන හඬක් පැවතිය ද එහි ප‍්‍රතිඵලය නිසි ලෙස ජනතාවට ලබාදුන්නේ වත්මන් රජය බවයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පල කළේ ගම්පහ ප‍්‍රදේශයේ අද (29) පැවති උත්සවයකට එක්වෙමින්.

රජය සහ ඖෂධ සමාගම් අතර ඇතිකර ගන්නා වූ එකඟතාවයන් තුළින් එහි පවතින සියලු අඩුපාඩු මගහරවා ගැනීමට හැකිවනු ඇතැයි ජනාධිපතිවරයා පැවසුවා.