Friday, April 19, 2024

General line - 0115112241

විදේශ විනිසුරන් ගෙන්වීමට ඉඩ නොදෙන බව ජනපති අවධාරණය කරයි




විදේශ රටවලට අවශ්‍ය පරිදි රාජ්‍ය පාලනය සිදු කිරීමට තමන් කිසිසේත් සූදානම් නොමැති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

අද (09) පස්වරුවේ පේරාදෙණිය ශ‍්‍රී සුබෝධිරාම විහාරස්ථානයේ පැවති පුණ්‍යොත්සවයකට එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියා.

රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් විදේශ විනිසුරුවරුන් ගෙන්වා නඩු ඇසීමට ඉඩක් ලබාදීමට තමා කිසිසේත් සූදානම් නොමැති බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ.