Friday, March 29, 2024

General line - 0115112241

හිලරිගේ ඊමේල් පණිවිඩ නිසා සටන යළිත් උණුසුම්




ඩිමොක‍්‍රටික් අපේක්ෂක හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් පණිවිඩ සම්බන්ධයෙන් අලුතින් ආරම්භ කරන ලද පරීක්ෂණ හේතුවෙන් අමෙරිකානු ජනාධිපතිවරණ සටන යළි උණුසුම් වී තිබෙනවා.

එෆ්. බී. අයි. ආයතනයේ මෙම පරීක්ෂණය පිළිබඳ තොරතුරු අනාවරණය වුණේ මැතිවරණයට ඉතා සීමිත දින ගණනක් පමණක් තිබියදීයි.

ඒ හේතුවෙන් හිලරි ක්ලින්ටන්ගේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක කණ්ඩායම එෆ්. බී. අයි. ආයතනයට ද දැඩි ලෙස චෝදනා කර ඇතැයි විදෙස් මාධ්‍ය අද (30) වාර්තා කළා.

මේ අතර හිලරි ක්ලින්ටන් ද පවසා ඇත්තේ අලුතින් සොයාගත් ඊමේල් පණිවිඩවල ඇති විශේෂත්වය පිළිබඳ නොපමාව එෆ් බී අයි ආයතනය පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බවයි.