Friday, April 26, 2024

General line - 0115112241

දකුණු අප‍්‍රිකානුවන් ශ‍්‍රී ලංකා යොවුන් පිලේ ජය උදුරා ගනී




සංචාරක දකුණු අප‍්‍ර‍්‍රිකානු 19න් පහළ ක‍්‍රිකට් කණ්ඩායම පරාජය කරමින් ලබාගැනීමට තිබූ ජයග‍්‍රහණයක් ශ‍්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම අතින් අද (09) ගිලිහී ගියා.

දෙරට අතර පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරග මාලාවේ පළමු තරගය අද පැවැත්වුණේ කොළඹ පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදීයි.

එහිදී පළමුව පන්දුවට පහර දුන් දකුණු අප‍්‍රිකානුවන් පන්දුවාර 49 යි පන්දු 03 කදී ලකුණු 185 කට දවා ගැනීමට ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

පහසු ඉලක්කයක් හඹා ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙල පිතිකරුවන් ලකුණු අතරට පැමිණියද කිසිවෙකුටත් දිගු ඉනිමක් ක‍්‍රීඩා කිරීමට හැකිවූයේ නැහැ.

කණ්ඩායමේ පසුපෙල පිතිකරුවන්ද අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම හේතුවෙන් පන්දුවාර 43 යි එක් පන්දුවකදී සියල්ලන් දැවී ශ‍්‍රී ලංකාවට ලබාගත හැකිවූයේ ලකුණු 169 ක් පමණයි. ඒ අනුව මෙම තරගය ලකුණු 16 කින් ජය ගැනීමට දකුණු අප‍්‍රිකානුවන් සමත් වුණා.