Saturday, April 20, 2024

General line - 0115112241

කතුන් රැවටූ හොර ඉංජිනේරුවෙක් බදුල්ලෙන් අල්ලයි




අවිවාහක ඉංජිනේරුවරයෙකු බව පවසමින් කාන්තාවන් රැසක් රවටා ඔවුන් විවාහ කරගත් සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, බදුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයෙන් ලබාදුන් තොරතුරකට අනුව බදුල්ල ඉඹුල්ගොඩ ප‍්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි බදුල්ල පොලිසිය පැවසුවේ.

47 හැවිරිදි සැකකරු පුත්තලම, කරුවලගස්වැව, බදුල්ල සහ ලක්ෂපාන යන ප‍්‍රදේශවල කාන්තාවන් විවාහ කරගෙන ඔවුන්ගෙන් රුපියල් ලක්ෂ ගණනක මුදල් වංචා කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

විවිධ ප‍්‍රදේශවල කාන්තාවන් සමග විවාහ වී ලබාගත් විවාහ සහතික කිහිපයක්ද පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා.