Friday, March 29, 2024

General line - 0115112241

ජාතික මලල ක‍්‍රීඩා ශූරතා තරගාවලියේ වේගවත්ම ක‍්‍රීඩකයා හිමාෂ




94 වන ජාතික මලල ක‍්‍රීඩා ශූරතා තරගාවලියේ දෙවන දිනය වන අද (09) දිනයේ තරගාවලියේ වේගවත්ම ක‍්‍රීඩකයා ලෙස තේරී පත්වීමට හිමාෂ ඒෂාන් සමත් වුණා. ඒ, මීටර් සියය ඉසව්ව තත්පර 10 යි දශම 5 කින් නිම කරමින්.

මීටර් සියය කාන්තා ඉසව්ව ජය ගත්තේ ශෂිකා විදානදූරගේ ක‍්‍රීඩිකාවයි. ඇය වාර්තා කළ කාලය තත්පර 12 දශම 1 ක්.

මේ අතර අද පැවති කාන්තා රිටි පැනීමේ ඉසව්ව ජය ගැනීමට යාපනය දිස්ත‍්‍රික්කය නියෝජනය කළ අනීතා ජෙගදීෂ්වරන් සමත් වුණා.

ඇය දැක්වූ දක්ෂතාව මීටර් 03 යි දශම තුනයි බිංදුවක්. ඉකුත් වසරේදී මෙහි ජාතික වාර්තාව පිහිටුවා ඇත්තේ මීටර් 03 යි දශම තුනයි තුනක දක්ෂතාවක් දක්වා ඇති අනෝමා කරුණාවංශයි.