Tuesday, April 16, 2024

General line - 0115112241

‘ආවා’ කල්ලියේ 2ක් කඩු සමග කොටු වෙයි




යාපනයේ කි‍්‍රයාත්මක ‘ආවා’ කල්ලියේ සාමාජිකයින් බවට සැකකෙරෙන දෙදෙනෙකු යාපනය පොලිසිය විසින් අද (30) දහවල් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, කඩු දෙකක් ද සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදීයි. සැකකරුවන් පොලිස් ස්ථානයට ගෙන ගොස් ප‍්‍රශ්න කිරීමේදී ප‍්‍රකාශ කර ඇත්තේ නාට්‍යයක් පුහුණුවීම සඳහා මෙම කඩු රැගෙන ගිය බවයි.

කෙසේ වෙතත් පොලිසිය පැවසුවේ එම කඩු පුද්ගලයින්ට හානි කළ හැකි අන්දමේ විශාල ප‍්‍රමාණයේ ඒවා බවයි.

පසුගිය සතියේ යාපනයේදී පොලිසිය සොයාගත් කඩු කිහිපයක් සමග සසඳා බලන විට අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබූ කඩු දෙකද ඊට සමාන බවයි පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.