Thursday, April 25, 2024

General line - 0115112241

විදේශ ඇමතිට විශ්වාසභංගයක්!




විදේශ විනිසුරුවරුන් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දරණ මතයට වෙනස් මතයක් දරණ විදේශ කටයුතු අමාත්‍යවරයා එම ධුරයෙන් ඉවත් නොකරන්නේ මන්දැයි ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රශ්න කරනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේ “යුද අපරාධ විනිශ්චය ක්‍රියාවලිය සදහා විදේශ විනිසුරුවරුන් අවශ්‍ය බව” විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර ඇති බවයි. නමුත් ජනාධිපතිවරයා පවසන්නේ “රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් විදේශ විනිසුරුවරුන් ගෙන්වා නඩු ඇසීමට ඉඩක් ලබාදීමට තමා කිසිසේත් සූදානම් නොමැති බවයි” යන්නයි.

ඉදිරියේදී විදේශ කටයුතු අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන බවද උදය ගම්මන්පිල මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.