Tuesday, April 23, 2024

General line - 0115112241

වැඩිහිටියන් මහමග දමා ගියොත් දේපළ රාජසන්තකයි




මහමග අතහැර යන සහ දරුවන් විසින් නොසලකා හරින වැඩිහිටියන්ගේ දේපළ රාජසන්තක කළ හැකි නීති ගෙන එන බව සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා.

මහ මඟ දමා ගොස් වැඩිහිටි නිවාසයන්හි භාරකාරීත්වයට පත්වීමෙන් පසු එම නිවාස වලදී මියයන වැඩිහිටියන්ගේ දේපළවලට පසුව ඔවුන්ගේ ඥාතීන් හිමිකම් කීමට පැමිණීම නිසා සමාජසේවා දෙපාර්තමේන්තුවට ගැටළු රාශියක් ඇතිවී තිබෙන බව අනාවරණය වීමෙන් පසු මෙවැනි පියවරක් ගත යුතු බවට ඇමැතිවරයා යෝජනා කලේ අද (30) බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවැත්වූ පලාත් සමාජසේවා ඇමැතිවරුන්ගේ සමුළුවකදීයි.

එවැනි වැඩිහිටියන් හමුවූ විට පුවත්පත් දැන්වීම් මගින් ඔවුන්ගේ ඡායාරූප හා විස්තර මුලින් ප්‍රසිද්ධ කර ලඟම ඥාතීන් පිළිබඳව මූලික සොයා බැලීමක් කළ යුතු බව පෙන්වා දුන් අමාත්‍ය එස්.බී. දිසානායක මහතා, එවිට ඉදිරිපත් නොවන ඥාතීන් හට පසුව දේපළ වලට හිමිකම් කිව නොහැකි වනසේ නීති රීති සකස් කළ යුතු බවද පෙන්වා දුන්නා.